ලිතුවේනියාවේ සංචාරයක නිරත වූ යුක්‍රේන ජනපතිගෙන් ඉල්ලීම් රැසක්

ලිතුවේනියාවේ සංචාරයක නිරත වූ යුක්‍රේන ජනපතිගෙන් ඉල්ලීම් රැසක්

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ලිතුවේනියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී තවත් ගුවන් ආරක්ෂක අවි සපයන ලෙස බටහිර රටවල නායකයින් වෙත ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබෙනවා

එමෙන්ම ඔහු පවසා ඇත්තේ ගුවන් ආරක්ෂක පද්ධති අපට වඩාත්ම හිඟයි. එමෙන්ම ලිතුවේනියාව සහ තවත් බොහෝ හවුල්කරුවන් සමග ගිවිසුම් ඇති කර ගැනීම ගැන සතුටු වන බවයි

ලිතුවේනියාව යුක්‍රේනයට විශාලතම මිලිටරි ආධාර සපයන්නා වන අතර යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ දායකත්වයද බෙහෙවින් වැදගත් වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

තවදුරටත් Zelensky ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ “රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය විනාශ කරන තුරු සන්සුන් නොවනු ඇති බවත්
ඔහුට අපව සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට අවශ්‍යයි ” යනුවෙනුත්ය

පසුගිය දිනවල යුක්‍රේන නායකයා බටහිර රටවල නායකයින් සමග අත්‍යවශ්‍ය අවි බෙදාහැරීම් පවත්වාගෙන යාමේ අරමුණින් සාකච්ඡා පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This