රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටියි

රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටියි

එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය යේමනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව අද (12) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් ඉල්ලා ඇති බව එක්සත් ජාතීන්ගේ රුසියානු නිත්‍ය නියෝජිත කාර්යාලය පවසනවා

රුසියාවේ Tass ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ රැස්වීම නිව්යෝර්ක්හි පැවැත්වීමට නියමිතව ඇති බවයි.

එමෙන්ම යේමනයේ Houthi කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට එල්ල කරන ප්‍රහාර වහාම අවසන් කරන ලෙසද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකින් ඉල්ලා තිබෙනවා

මේ අතර එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් ස්ථාන 16කදී ඉලක්ක 60කට වැඩි ප්‍රමාණයකට පහර දී ඇති බවද සඳහන් වනවා

Share This