ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් මෙම වසර තුළ ගෙවා අවසන් කරනවා – සෞඛ්‍ය ඇමති

ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් මෙම වසර තුළ ගෙවා අවසන් කරනවා – සෞඛ්‍ය ඇමති

ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල් බිලියන 13ක මුදල මෙම වසර තුළ ගෙවා අවසන් කරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (12)පාර්ලිමේන්තුවේදී සඳහන් කළා .

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා බදු මුදල් එකතු කරන බවත් බදු ලබාගෙන අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෙනත් ඖෂධ වර්ග මිලදී ගැනීමට එම මුදල් යොදවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා

මුදල් ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රමුඛත්වය ලබා දී මුදල් ලබා දෙන බවයි ඔහු කියා සිටියේ

ඖෂධ 60 කට ආසන්න ප්‍රමාණයක වෛද්‍ය සැපයීම් අංශයේ හිඟයක් තිබෙන බවත් රෝහල්වලට ඖෂධ බෙදා හරිමින් තිබෙන අතර රෝහල්වල තිබෙන ඖෂධ අඩුපාඩු මිලදී ගැනීමට වෙනම ප්‍රතිපාදන ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළා

මෙරට අත්‍යවශ්‍ය ඖෂධ අටසිය ගණනක් තිබෙනවා. වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති ඖෂධ 60 න් 30 ක් මේ මාසය තුළ ලැබෙන බවත් රජය තුළ නොමැති ඖෂධ, අවශ්‍යතාව අනුව පෞද්ගලික අංශයෙන් හෝ මිලදී ගන්නා ලෙසට ප්‍රධාන රෝහල් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

 

 

Share This