ඔන්ලයින් පනත විවාදයට ගැනීම සම්මතයි (VIDEO)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් අද (23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා .
ඊට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිව තිබෙනවා.
ඒ අනුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමෙන් අනතුරුව විවාදය ආරම්භ වුණා.
විවාදය අද සහ හෙට පැවැත්වෙනවා.