තිදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර

තිදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර

නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයක්, ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

Share This