සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ රාජ්‍ය අමාත්‍ය ධුරයට ශෂීන්ද්‍ර රාජපක්ෂ? (VIDEO)
සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස් වූ රාජ්‍ය අමාත්‍ය ධුරයට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අනුව ඒ මහතාගේ අභාවයෙන් හිස් වන ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් කරමින් මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.