Facebook ලොක්කා සමාව අයදී

Facebook ලොක්කා සමාව අයදී

Meta ප්‍රධාන විධායක Mark Zuckerberg ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ, සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබූ කමිටුවට පැමිණි අවස්ථාවේදීයි.

මෙම කමිටුව හමුවට Mark Zuckerberg අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් වන TikTok, Snap, X and Discord යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහභාගී වී සිටියා.

පැය 4කට අධික කාලයක් කරුණු දැක්වීම් සිදු කළ අතර සමාජ මාධ්‍ය හේතුවෙන් පිඩාවට පත් වූ දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද සාක්ෂි ලබාදීම සඳහා පැමිණ තිබෙනවා.

Meta ප්‍රධාන විධායක Mark Zuckerberg සහ TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew ස්වේච්ඡාවෙන් සාක්ෂි දීමට එකඟ වුණා.

නමුත් අනෙකුත් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

කෙසේවෙතත් අවසානයේ අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුළු විවිධ ගැටලු‍වලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.

Meta ප්‍රධාන විධායක Mark Zuckerberg කමිටුව හමුවේ කියා සිටියේ Meta සමාගම දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සිදු කරන බවයි.

Share This