Jharkhand ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අත්අඩංගුවට

Jharkhand ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අත්අඩංගුවට

ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒකකය විසින් Jharkhand ප්‍රාන්තයේ හිටපු මහ ඇමති Hemant Soren අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු Jharkhand ප්‍රාන්තයේ මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී පැය කිහිපයකට පසුවයි.

Jharkhand Mukti Morcha (JMM) පක්ෂයේ Hemant Soren මූල්‍ය අපරාධ දූෂණ චෝදනා එල්ල වී ඇති අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Hemant Sorenව පැය හතක ප්‍රශ්න කිරීම්වලින් පසු ඊයේ(31) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

JMM පක්ෂය විසින් ප්‍රාන්තයේ මීළඟ මහ ඇමතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය Champai Soren නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් Jharkhand ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අත්අඩංගුවට ගැනීම දේශපාලනික කුමන්ත්‍රණයක් බව සඳහන් කරමින් Champai Soren විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර ඇති බව සඳහන්.

ඒ අනුව එම නඩුව හෙට(02) විභාගයට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This