එක්සත් ජනපදය යේමනයේ හවුති මිසයිලවලට එරෙහිව ප්‍රහාර එල්ල කරයි

එක්සත් ජනපදය යේමනයේ හවුති මිසයිලවලට එරෙහිව ප්‍රහාර එල්ල කරයි

එක්සත් ජනපදය තම ආරක්ෂාව උදෙසා යේමනයේ හවුති මිසයිලවලට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද හමුදා විසින් ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිලයකට සහ රතු මුහුදේ නැව්වලට එරෙහිව දියත් කිරීමට සූදානම් කර තිබූ නැව් නාශක මිසයිල හතරකට පහර දුන් බවයි වාර්තා වන්නේ

මෙම නවතම හමුදා ප්‍රහාරය පැමිණෙන්නේ හවුති ඉලක්ක වෙත එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුව වීමද විශේෂත්වයක්

රතු මුහුදේ මිලිටරි සහ නැව් යාත්‍රාවලට ඉරානයේ පිටුබලය ලබන යේමන කණ්ඩායම විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

මේ අතර පසුගිය මාසයේ ප්‍රධාන වෙළඳ ධමනිය හරහා ගමන් කරන නැව් සංඛ්‍යාව තුනෙන් එකකට වඩා අඩුවීමත් සමග සූවස් ඇළෙන් ලැබෙන ආදායම ජනවාරි මාසයේදී අඩකින් පමණ පහත වැටී ඇති බව ඊජිප්තුව පවසා තිබෙනවා

Share This