එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහිව ද්විපාර්ශ්වික ගිවිසුමක් එළිදක්වයි

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහිව ද්විපාර්ශ්වික ගිවිසුමක් එළිදක්වයි

එක්සත් ජනපද සෙනෙට් සභිකයින් විසින් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් දිගුකාලීනව බලා සිටි ද්විපාර්ශ්වික ගිවිසුමක් එළිදක්වා තිබෙනවා

ඩිමොක්‍රටික් නියෝජිතයින් මේ සතියේ පනත් කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව සඳහන්

නමුත් රිපබ්ලිකන් ප්‍රමුඛ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී එය අසාර්ථක වනු ඇති බවයි පැවසෙන්නේ

අමෙරිකානු ජනපති ජෝ බයිඩන් එය දශක කිහිපයකින් සිදුවූ දැඩි හා සාධාරණ දේශසීමා ප්‍රතිසංස්කරණ ලෙසටයි අනුමත කර තිබෙන්නේ

එමෙන්ම මිලියන 6.3 කට අධික සංක්‍රමණිකයන් නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළු වී ඇති බව ජනාධිපති බයිඩන් පවසනවා .

වාර්තාගත ලෙස සංක්‍රමණිකයන් නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළු වීම ජනාධිපතිවරයාගේ නැවත තේරී පත්වීමේ උත්සාහයේ දී මුහුණ දෙන විශාලතම දේශපාලන අභියෝගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නොවැම්බරයේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ජෝ බයිඩන්ට මුහුණ දීමට සිදුවන සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දැක්වීම සඳහා රිපබ්ලිකානුවන් මැතිවරණයට ගෙන යන ප්‍රධානතම ගැටලුව ලෙසත් සංක්‍රමණිකයන් නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළුවීම මතුවී තිබෙනවා

Share This