එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරානයේ සහාය ලබන මිලීෂියා නායකයෙකු බැග්ඩෑඩ්හිදී මරුට

එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරානයේ සහාය ලබන මිලීෂියා නායකයෙකු බැග්ඩෑඩ්හිදී මරුට

ඉරානයේ පිටුබලය ලබන මිලීෂියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු බැග්ඩෑඩ්හිදී එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉරාක අගනුවරට නැගෙනහිරින් ප්‍රහාරය එල්ලවන විට හිස්බුල්ලා නායකයෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු වාහනයක සිට ඇති අතර ඔවුන් තිදෙනාම මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ

ඩ්‍රෝන ප්‍රහාරය බැග්ඩෑඩ් හි මාෂ්තාල් අසල්වැසි ප්‍රදේශයේ සිදු වූ අතර එය විශාල පිපිරීම් කිහිපයක් ඇති කළ බවද සඳහන් වනවා

මියගිය අයගෙන් එක් අයෙක් හිස්බුල්ලාහි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වන අබු බකීර් අල්-සාදි ලෙසටයි හඳුනාගෙන තිබෙන්නේ

 

Share This