දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය – අළු බදාදා දිනය

දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය – අළු බදාදා දිනය

ලෝකවාසී කිතුණු ජනතාවට ඉතා සුවිශේෂී දිනයක් වන අළු බදාදා දිනය අදට යෙදී තිබෙනවා.

අළු බදාදා දිනයේ ඇදහිල්ල වන්නේ ‘දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය ‘ කියන දේව ප්‍රකාශය සිහිපත් කිරීමයි.

කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ පොළොවේ තියෙන පස් ටිකක් අරගෙන ඒ පස් ටිකට ජීවන හුස්ම හෙලීමෙන්.

එසේ මවන ලද මිනිසා නැවතත් දුවිල්ල බවට පත්වන බව කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිශේෂී දවසේ.

අළු බදාදා දිංයේදී සෑම දේවස්ථානයකම දිව්‍ය පූජාවේදී ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කර ඒවා සංකේතාත්මකව සියළුදෙනාගේ නළලේ පියතුමා විසින් ආලේප කරනු ලබනවා.

කිසියම් කෙනෙකුගේ නළලේ අළු ආලේප කරන සෑම අවස්ථාවකදීම පියතුමා විසින් ”දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන පාඨය උච්චාරණය කරනු ලබනවා.

එමෙන්ම කිතුනුවන්ගේ ජන වන්දනා වසර තුළ ඉතා සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරන පාස්කු සමයට සූදානම් වන චතාරික සමය ආරම්භ වන්නේත් අළු බදාදා දිනයෙන්.

Share This