කැන්සාස් සිටි හි වෙඩිතැබීමක් – අයෙක් මරුට -21කට තුවාල

කැන්සාස් සිටි හි වෙඩිතැබීමක් – අයෙක් මරුට -21කට තුවාල

කැන්සාස් සිටි සුපර් බෝල් ජයග්‍රාහී පෙළපාලිය අවසානයේ මිසූරි හි සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

තුවාල ලැබූවන් අතර ළමුන් නව දෙනෙකු සිටින බව ප්‍රාදේශීය රෝහලක් තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි එරට පොලිසිය පවසන්නේ

කැන්සාස් නගරයේ දුම්රිය ස්ථානයවන යුනියන් ස්ටේෂන් වෙත ජයග්‍රාහී පෙළපාලිය සඳහා රැස්ව සිටි දහස් සංඛ්‍යාත රසික රසිකාවියන්ට බටහිර දෙසින් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා

පෙළපාලිය නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 800 කට වැඩි පිරිසක් ඒ වන විටත් එම ස්ථානයේ සිටි බවයි වාර්තා වන්නේ

කැන්සාස් සිටි පොලිසියේ ප්‍රධානී ස්ටේසි ග්‍රේව්ස් පැවසුවේ වෙඩි තැබීම් සිදු වූ වහාම නිලධාරීන් ප්‍රතිචාර දැක්වූ අතර එම ස්ථානයේ සිටි රහස් පරීක්ෂකයින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

Share This