ලබන 19 වැනිදා සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලීම් ඉටු වෙයිද? (VIDEO)
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග ලබන 19 වැනිදා සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා
අද (15) පෙරවරුවේ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග එක් වෙමින් ඔහු කියා සිටියේ එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් පෙරේදා පෙරවරු 6.30ට ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (15) පෙරවරු 6.30ට තාවකාලිකව අවසන් කිරීමටයි පියවර ගැනුණේ