රුසියානු විපක්ෂ නායක බන්ධනාගාරයේදී මරුට

රුසියානු විපක්ෂ නායක බන්ධනාගාරයේදී මරුට

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි (Alexei Navalny) බන්ධනාගාරගතව සිටියදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මියයන විට 47 හැවිරිදි වියේ පසු වූ ඔහු ආක්ටික් බන්ධනාගාරක වසර 19ක සිරදඬුවමක් ලබා සිටි බව සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානතම දේශපාලන විවේචකයා වනවා

යමලෝ-නෙනෙට්ස් දිස්ත්‍රික්කයේ බන්ධනාගාර සේවය පවසා ඇත්තේ ව්‍යායාම සඳහා ඇවිදීමෙන් පසු ඇලෙක්සි නවාල්නිට අසනීප වී ඇති බවයි.

ඔහුට එහිදී හදිසි වෛද්‍ය කණ්ඩායමක් කැඳවා ප්‍රතිකාර ලබා දී ඇති අතර එය සාර්ථක නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This