Alexei Navalnyගේ මරණයට රුසියානු ජනපති වගකිව යුතුයි -අමෙරිකානු ජනපතිගෙන් චෝදනා

Alexei Navalnyගේ මරණයට රුසියානු ජනපති වගකිව යුතුයි -අමෙරිකානු ජනපතිගෙන් චෝදනා

රුසියානු විපක්ෂ නායක Alexei Navalny ගේ හදිසි මරණයට රුසියානු ජනාධිපති Vladimir Putin වගකිව යුතු බව අමෙරිකානු ජනාධිපති Joe Biden පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයින් රුසියාවට චෝදනා එල්ල කර ඇති අතර Navalny ගේ හදිසි මරණය පිළිබඳව පූර්ණ හා විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් António Guterres පවසන්නේ Alexei Navalny ගේ මරණය සම්බන්ධයෙන් වූ පුවත දැනගත් වහාම තමන් දැඩි කනස්සල්ලට පත්වූ බවයි.

රුසියානු ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කළ රුසියානු විපක්ෂ නායක Alexei Navalny බන්ධනාගාරයක දී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා .

අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රුසියාවේ නගර රැසක ජනතාව විරෝධතාවල නිරත වන අතර ඔවුන්ගෙන් 100 දෙනෙකුට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This