ජපානය නව H3 රොකට්ටුව සාර්ථකව දියත් කරයි

ජපානය නව H3 රොකට්ටුව සාර්ථකව දියත් කරයි

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය විසින් සිය නවතම රොකට්ටුව වන H3 හි දෙවන පරීක්ෂණ මාදිලිය සාර්ථක ලෙස දියත් කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පසුගිය වසරේ එම උත්සාහය අසාර්ථක වීමෙන් ජපානයේ අභ්‍යවකාශ කටයුතුවල ජයග්‍රාහි සන්ධිස්ථානයක් ලෙස මෙය දැක්විය හැකි බවයි

පසුගිය මාසයේදී ජපානය සිය SLIM අභ්‍යවකාශ යානයේ ඓතිහාසික සඳ ගොඩබෑම සැමරීමට කටයුතු කළා

H3 රොකට්ටුව ටෝකියෝ වේලාවෙන් පෙරවරු 9:22 ට දියත් කර ඇති අතර, මෙට්‍රික් ටොන් 6.5ක බරක් රැගෙන යාමේ හැකියාව පවතින බව සඳහන්

එමෙන්ම H3 ජපානයේ අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා

Share This