වසර මිලියන 240ක් පැරණි ජලජ ජීවියෙකුගේ පොසිලයක් සොයා ගැනේ

වසර මිලියන 240ක් පැරණි ජලජ ජීවියෙකුගේ පොසිලයක් සොයා ගැනේ

වසර මිලියන 240ක් පමණ පැරණි ජලජ උරගයෙකුට අයත් යැයි සැලකෙන පොසිලයක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මෙම ෆොසිලයේ කොටස් හමු වී ඇත්තේ දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

2003 වසරේදී පළමුවෙන් මෙය හඳුනා ගෙන ඇති අතර විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන තිබෙනවා

එමෙන්ම, පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් පවසා ඇත්තේ එය දිග අඩි 16ක් එනම් මීටර් 05ක් පමණ වන බවත් එම පොසිලය අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයෙකුගේ බවටත් අනුමාන කෙරෙන බවයි

කෙසේ වෙතත් මෙම සත්ත්වයාගේ අතිශයින් දිගු බෙල්ල හේතුවෙන් එම සත්ත්වයා මකරෙකු විය හැකි බවට ද අනුමාන කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This