ප්‍රංශ සිනමා තරුවකගේ නිවසක තිබී තුවක්කු 72ක් හමුවෙයි

ප්‍රංශ සිනමා තරුවකගේ නිවසක තිබී තුවක්කු 72ක් හමුවෙයි

ප්‍රංශ පොලිසිය විසින් සිනමාවේ ජනප්‍රියත්වයට පත් ඇලයින් ඩෙලෝන්ගේ නිවසේ තිබී ගිනි අවි 72ක් සහ පතොරම් 3000කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නඩු පවරන්නන් සඳහන් කර ඇත්තේ ඩෙලෝන්ට තුවක්කුවක් සන්තකයේ තබා ගැනීමට අවසර දීම සඳහා බලපත්‍රයක් නොමැති බවයි.

88 හැවිරිදි මෙම නළුවා ප්‍රංශ සිනමාවේ ස්වර්ණමය යුගයේ තරුවක් වූ අතර, සමුරායි සහ බෝර්සාලිනෝ වැනි ජනප්‍රිය චිත්‍රපටවල ඔහුගේ චරිතය සඳහා ප්‍රසිද්ධියට පත්වුණා.

ඩෙලෝන් මහතාගේ නිවසට යවන ලද නිලධාරියෙකු ආයුධයක් දැක විනිසුරුවරයාට දැනුම් දීමෙන් පසුව අධිකරණය නිවාස සෝදිසි කිරීමට අවසර ලබාදුන් බව සඳහන්.

2019 දී රෝගයක් වැළඳීම නිසා බරපතළ තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින මොහු දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වනවා.

2019 වසරේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී ගෞරවනීය Palme d’Or සම්මානය පිරිනැමීම ඩෙලෝන්ගේ අවසාන ප්‍රසිද්ධ දර්ශනය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් බලපත්‍ර රහිතව තුවක්කු ළඟ තබා ගැනීම බරපතළ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඩෙලෝන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසා දඩුවම ලිහිල් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This