ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පලස්තීනුවන් 30,000 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව හමාස් සංවිධානය පවසනවා.

එම සංඛ්‍යාව භූමි ප්‍රදේශයේ මිලියන 2.3 ක ජනගහනයෙන් 1.3% කට පමණ සමාන වන බවයි සඳහන් වන්නේ.

මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් වනවා.

අද(29) සිය දෛනික යාවත්කාලීන කිරීමේදී ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් ඇති ඇති බවයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වූ ගොඩනැගිලි සුන්බුන්වලට යටවී තවමත් දහස් ගණන් මිනිසුන් සොයා ගැනීමට නොහැකිව සිටින නිසා සැබෑ මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This