ගිනිකඳු පුපුරා යාමෙන් විපතට පත්වූවන්ට ඩොලර් මිලියන 06ක් වන්දි

ගිනිකඳු පුපුරා යාමෙන් විපතට පත්වූවන්ට ඩොලර් මිලියන 06ක් වන්දි

2019 වසරේ පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවූ වයිට් අයිලන්ඩ් ගිනිකඳු පුපුරා යාමෙන් විපත පත්වූවන්ට වන්දි ලබාදීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.

නවසීලන්ත අධිකරණය නියෝග කර ඇත්තේ වන්දි වශයෙන් ඩොලර් මිලියන 06ක් ලබාදිය යුතු බවයි.

2019 දෙසැම්බරයේ, ගිනිකන්ද පුපුරා යන විට පුද්ගලයින් 47 දෙනෙකු එහි සංචාරය කරමින් සිටි අතර, කණ්ඩායමේ අඩකට ආසන්න පිරිසක් මිය ගියා.

අනෙක් සියල්ලන්ටම බරපතළ ලෙස තුවාල සිදුවූ බව සඳහන්.

එම ප්‍රදේශයේ සංචාර මෙහෙයවූ සමාගම් නොසැලකිලිමත්කම සහ ආරක්ෂක කඩකිරීම් සම්බන්ධයෙන් පසුගිය වසරේ වැරදිකරුවන් වුණා.

ඔවුන් නිසි ආරක්ෂණයක් ලබාදීමට අපොහොසත් වීමෙන් ජීවිත රැසක් විනාශ වී ඇති බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

ගිනි කන්ද පුපුරා යාමට පෙර සති කිහිපය තුළ ගිනි කන්දේ ඉහළ ක්‍රියාකාරීත්වයක සලකුණු පෙන්නුම් කළත් සංචාරක සමාගම් ඒවා නොසලකා හැර ඇති බවයි නවසීලන්ත අධිකරණය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This