දකුණු කොරියාවේ වැඩ වර්ජනයක නිරත පුහුණු වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

දකුණු කොරියාවේ වැඩ වර්ජනයක නිරත පුහුණු වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

දකුණු කොරියාවේ වැඩ වර්ජනයක නිරත පුහුණු වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දකුණු කොරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව අදාළ පියවර ගැනීම සඳහා බලධාරීන් රෝහල් පරීක්ෂා කිරීම ආරම්භ කරන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

එමෙන්ම වෛද්‍යවරුන් 9,000 ක් පමණ පෙබරවාරි 20 සිට රැකියාවෙන් ඉවත් වී ඇති බව ද සඳහන්

මේ හේතුවෙන් ඇතැම් සැත්කම් සහ ප්‍රතිකාර අවලංගු කිරීමට සිදුව ඇති අතර හදිසි ප්‍රතිකාර අංශවලට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This