පාපැදිය පදිමින් සිටි සිව් හැවිරිදි දරුවා මරුට
නොරච්චෝලය පොලිස් වසමේ පුලච්චේන විදුහල අසල සිදුවු අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මියගොස් තිබෙනවා.
පූලච්චේන දෙසට ධාවනය වූ ලොරි රථයක පාපැදියක් ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදියේ ගමන් කළ කුඩා දරුවා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.