ජල සහ විදුලි සැපයුම ගැන විශේෂ දැනුම්දීමක් (VIDEO)

ජල සහ විදුලි සැපයුම ගැන විශේෂ දැනුම්දීමක් (VIDEO)

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

එමෙන්ම පවතින වියලි කාලගුණය හේතවෙන් ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතා කරන නිසා ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සඳහන්.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

Share This