තම දියණියගේ හා පුතාගේ ගෙල කැපූ පියා සියදිවි හානි කරගැනීමට උත්සහ කරයි
අම්පාර පෙරියනිලාවේලි ප්රදේශයේ දී අද(14) උදෑසන පියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි හානි කරගැනීමට උත්සහ කර ඇති බව වාර්තා වනවා.
මෙලෙස ගෙල කපා ඝාතනය කර ඇත්තේ ඔහුගේ 29 හැවිරිදි පුතා සහ 15 හැවිරිදි දියණිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.
දරුවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව පියාද ගෙල කපාගෙන සියදිවි හානි කරගැනීමට උත්සහ කර තිබෙනවා.
පසුව 63 හැවිරිදි පියාව ප්රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇති බවයි පෙරියනිලාවේලි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි.