බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අගනා නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා මෙම ටෙස්ට් තරගයේ දෙවැනි ශතකය ද ලබා ගත්තා.

ඒ අනුව ඔහු ලකුණු 108 ක් රැස්කර ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් එල්ල කරමිනුයි

එහිදී කමිදු මෙන්ඩිස් නායක ධනංජය ද සිල්වා සමගින් අගනා සම්බන්ධතාවක් ගොඩ නගා ගනිමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමගින් ලකුණු 164ක් රැස් ලබා ගැනීමට සමත් වුණා

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් ලබා ගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 188ක් පමණයි

ඒ අනුව පළමු ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 511ක්

Share This