පුතාට දුන් Home Work නිසා කූරු ගණින පියා

පුතාට දුන් Home Work නිසා කූරු ගණින පියා

අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ පියෙක් තම පුතාට පාසලෙන් ලබාදෙන අධික වූ ගෙදර වැඩ ප්‍රමාණය ගැන පාසලට චෝදනා කර තිබෙනවා.

මේ පුද්ගලයා නොනවත්වා පුතාගේ පාසලට දුරකථන ඇමතුම් ලබාදීමෙන් පසු පාසල පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය මේ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Adam Sizemore වන පියා ක්‍රේමර් ප්‍රාථමික පාසලේදී තම දරුවාට ලැබුණු ගෙදර වැඩ ප්‍රමාණය ගැන කලබල වී විදුහල්පති ජේසන් මර්ස්ට ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා.

පසුව පුතාගේ පාසැල ඔහුගේ ඇමතුම්වලට පිළිතුරු දීම නැවැත්වූ පසුවත් ඔහු විදුහල්පතිවරයාට තර්ජන කළ ඇති බව සඳහන්.

පාසලෙන් පිළිතුරක් නොලැබුණු නිසා කලකිරුණු Sizemore පසුව Oxford පොලිස් දෙපාර්තමේන්තුවට පැයක් තුළ 18 වතාවක් පමණ ඇමතුම් ලබාදී තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක සැරයන් ඇඩම් ප්‍රයිස් පවසන්නේ මෙම පුද්ගලයා කළ ක්‍රියාව ඉතාමත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

දරුවාගේ පියා චෝදනා කරන පරිදි අසාමාන්‍ය ගෙදර වැඩ ප්‍රමාණයක් දරුවාට ලබාදී නොමැති බවයි පාසල පොලිසියට දැනුම් දී ඇත්තේ.

පොලිසිය අවසානයේ Sizemore ගේ නිවසට පැමිණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව දරුවාගේ පියාට වසර හයක සිර දඬුවමක් සහ ඩොලර් 1,000 ක දඩයකට මුහුණ දීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This