නිළි දමිතා අතුරුදන්
රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇති බව වාර්තා වනවා.
මීට දින 6කට පමණ පෙර බොරලැස්ගමුව පැපිලියාන ප්රදේශයේ පිහිටි දමිතා අබේරත්න මහත්මියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පිටව ගොස් තිබුණා.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම පත මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කිරීමත් සමඟම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් බොරලැස්ගමුව පැපිලියාන නිවසට ගොස් තිබුණා.
කෙසේවෙතත් ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැති බව සඳහන්.