ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ඉදිරියට

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ඉදිරියට

ICC ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් විශිෂ්ට ලෙස ජය ගැනීමත් සමගයි.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා තරගයේ පස්වන දිනයේ දී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 318ක් ලබා ගත්තා.

බංග්ලාදේශ දෙවනි ඉනිම වෙනුවෙන් මෙහෙදී හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර මොමිනුල් හක් ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළ අතර දෙවන ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 178යි.

Share This