
දකුණු අප්රිකා – ශ්රී ලංකා කාන්තා 20යි 20 තරගාවලියේ ජය ශ්රී ලංකාවට
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවරට දකුණු අප්රිකාවට එරෙහිව පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියක් ජයග්රණය කර තිබෙනවා.
ඒ, දකුණු අප්රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ තුන්වැනි තරගය කඩුලු 4කින් ජය ගනිමින්.
දකුණු අප්රිකාවේ බෆලෝ පාර්ක් ක්රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්රිකානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළා.
ලකුණු 156ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ක්රීඩිකාවන් තරගය ජය ගත්තේ, පන්දුවාර 19යි පන්දුවක් තුළ කඩුලු 6ක් දැවී සිටියදීයි.
ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කිරීමට සමත් වුණා.
