ඉදිරි වසර තුනට WTA සත්කාරකත්වය සෞදි අරාබියට

ඉදිරි වසර තුනට WTA සත්කාරකත්වය සෞදි අරාබියට

සෞදි අරාබිය ඉදිරි වසර තුන සඳහා කාන්තා ටෙනිස් සංගමයේ (WTA) අවසන් මහා තරගයට සත්කාරකත්වය සපයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ත්‍යාග මුදල ලෙස ඩොලර් මිලියන 15.25ක් ඔවුන්ට පිරිනමන බවද සඳහන්.

වසරේ හොඳම කේවල ක්‍රීඩකයින් අට දෙනා සහ යුගල කණ්ඩායම් ඇතුළත් වන මෙම ඉසව්ව රටේ පැවැත්වෙන ඉහළම මට්ටමේ ටෙනිස් තරගාවලිය වනවා.

2023 වසරේ WTA අවසන් මහා තරගය මෙක්සිකෝවේ Cancun වෙත ලබාදීමට පෙර සෞදි අරාබියේම පැවැත්වීමට සාකච්ඡා වී තිබුණත් එම තීරණය සමථයකට පත්වී තිබුණේ නැහැ.

ඒ අනුව මෙම වසරේ අවසන් මහා තරග සෞදි අරාබියේ රියාද් හිදී නොවැම්බර් 2 සිට 9 දක්වා පැවැත්වීමට නියමිතයි.

Share This