ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ සහභාගිත්වය ගිය වසරේ අවම මට්ටමක

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ සහභාගිත්වය ගිය වසරේ අවම මට්ටමක

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 2023 දී නව අවම මට්ටමකට ළඟා වූ බව මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රම බලකා සමීක්ෂණ (LFS) වාර්ෂික ප්‍රකාශනය අවධාරණය කර තිබෙනවා.

ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය යනු වැඩ කරන හෝ සක්‍රීයව රැකියාවක් සොයන ජනගහනයේ ප්‍රතිශතය වන අතර 2023 වසරේදී දී එය 2022 වසරේ වාර්තා වූ 49.8% සිට 48.6% දක්වා වූ ප්‍රතිශතයට වඩා අඩුවී බව වාර්ථාකොට ඇත.

2023 වසරේදී පිරිමි ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය 70.5% සිට 68.6 දක්වා අඩු මට්ටමක පවතී අතර කාන්තා ශ්‍රම බලක සහභාගිත්ව අනුපාතය එම වසරේම 32.1% සිට 31.3 දක්වා පහත වැටී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද ශ්‍රම බලකා සමීක්ෂණය (LFS) තුළින් මේ පිළිබඳ වැඩිදුර කරුණු පෙන්වාදී තිබෙනවා.

Share This