අමෙරිකාව ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ගේ ගමන්  සීමා කරයි

අමෙරිකාව ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ගේ ගමන් සීමා කරයි

අමෙරිකාව ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ගේ ගමන් සීමා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් කිරීම සීමා කරන ලෙස දැනුම් දී ඇත්තේ

එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ “බොහෝ ප්‍රවේශමෙන්” විශාල ජෙරුසලම, ටෙල් අවිව් (Tel Aviv) හෝ බියර්ෂෙබා (Beersheba) ප්‍රදේශවලින් පිටතට නොයන ලෙස කාර්ය මණ්ඩලයට දන්වා ඇති බවයි.

13 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිරියාවේ සිය කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරමින් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දී ඇති පසුබිමකයි මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ

කෙසේ වෙතත් කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This