ඉරානය ඉදිරියේදී ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට සූදානම්?

ඉරානය ඉදිරියේදී ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට සූදානම්?

මේ මස මුලදී ඊශ්‍රායලය දියත් කළ ඉහළ පෙළේ අණ දෙන නිලධාරීන් මරා දැමූ ගුවන් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉරාන පළිගැනීමේ බිය වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ නිසා ඉරානය ඉදිරියේදී ඊශ්‍රායලයට පහර දෙනු ඇති බවට තමා අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර තිබෙනවා.

සිරියාවේ ඉරාන කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන නැති අතර එය ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයක් බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

කෙසේ වෙතත් කුමන ප්‍රහාරයක් එල්ල වුවත් ආරක්ෂා වීමට සූදානම් බවයි ඊශ්‍රායලය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ඉරානය, ඊශ්‍රායලයෙන් පළිගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන්නේ නම් එය නතර කරන ලෙසයි ජෝ බයිඩ්න් දැනුම් දී ඇත්තේ.

 

Share This