Kristalina Georgievaට නැවතත් IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ධුරය

Kristalina Georgievaට නැවතත් IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ධුරය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා දෙවන වතාවටත් බල්ගේරියානු ජාතික ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවා තෝරාපත් කරගෙන තිබෙනවා.

2024 ඔක්තෝම්බර් 1 වනදා සිට දෙවන පස් අවුරුදු ධුර කාලය සඳහා ඊයේ (12) දිනයේදී විධායක මණ්ඩලයේ ඒකමතික තිරණය අනුව ඇයව තෝරාගෙන ඇති බව සඳහන්.

එම තනතුර සඳහා නම් කර සිටි එකම අපේක්ෂකයා රිස්ටලිනා ජෝර්ජිඒවා මහත්මිය වනවා.

මෙම පත්වීම සිදු කිරීමට පෙර ඇය සමග සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල වෙබ් පිටුවේ සඳහන් වන්නේ.

ක්‍රිස්ටලිනා ජෝර්ජීඒවා මහත්මිය 2019 වසරේ ඔක්තෝබර් 1 දින සිට IMF හි කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා.

Share This