සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයක පිහි ඇනුමක්

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයක පිහි ඇනුමක්

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් පස්දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බවට සැක කෙරෙන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු ද සිටින බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිද්දිය සම්බන්ධයෙන් තම කණගාටුව පළකර සිටින අතර ප්‍රතිචාර දැක්වූවන්ට සිය ස්තූතිය පුද කර තිබෙනවා.

එමෙන්ම සියගණනක් ජනයා සාප්පු මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයෙන් වළකින ලෙස පොලිසිය දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This