යුක්‍රේනයට දෙන යුද ආධාර පැකේජයට ලැබුණු අනුමැතිය

යුක්‍රේනයට දෙන යුද ආධාර පැකේජයට ලැබුණු අනුමැතිය

යුක්‍රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 61ක ණය ආධාර මුදලක් ලබාදීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉදිරිපත් කර තිබූ එම යෝජනාව, එරට රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය හේතුවෙන් මාස කිහිපයක් ප්‍රමාද වී තිබුණා.

කෙසේවෙතත් යුක්‍රේනය වෙත රුසියානු ප්‍රහාර ප්‍රබල වීම හමුවේ සිදු කෙරුණු දැඩි ඉල්ලීම මත අදාළ පැකේජය සම්මත කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබූ බව සඳහන්.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ එම තීරණය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි සිය කෘතඥතාව පළකර ඇති බවයි.

Share This