ජපාන නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටෙයි

ජපාන නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටෙයි

ජපාන නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 7 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ජපාන නාවික හමුදා ගුවන් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අතුරුදන් වූ නිලධාරීන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යානා දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට ජපාන බලධාරීන් සැක පළ කරනවා.

අතුරුදන් වූ නිලධාරීන් සෙවීම සඳහා යුද නෞකා 8ක් සහ ගුවන් යානා 5ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This