අමෙරිකාවේ උපන්දින සාදයකට මෝටර් රථයක් කඩා වදියි – ළමුන් දෙදෙනෙකු මරුට -15 දෙනෙකුට තුවාල

අමෙරිකාවේ උපන්දින සාදයකට මෝටර් රථයක් කඩා වදියි – ළමුන් දෙදෙනෙකු මරුට -15 දෙනෙකුට තුවාල

අමෙරිකාවේ මිචිගන් හි පැවති උපන්දින සාදයක් අතරතුර දී ඊට මෝටර් රථයක් කඩා වැදීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බීමත් කාන්තාවක් විසින් පදවන ලද මෝටර් රථයක් මෙලෙස උපන්දින සාදය වෙත කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය දරුවන් දෙදෙනා එකම පවුලේ සාමාජිකයින් වන අතර ඔවුන් අවුරුදු 5 සහ 8 හැවිරිදි වයස්වල පසුවූවන් බව සඳහන්.

අනතුරට සම්බන්ධ මෝටර් රථය පැඳ වූ කාන්තාව එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

Share This