
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලැබූ ජය
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමග පැවති තරගයෙන් ලකුණු 67ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී විශ්මි ගුණරත්න ලකුණු 73ක්, හසිනි පෙරේරා ලකුණු 30ක් සහ නායිකා චමරි අතපත්තු ලකුණු 24ක් ලබා ගත්තා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය උගන්ඩා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි.
