ඩෙවෝන්ට වසර 05ක තරග තහනමක්

ඩෙවෝන්ට වසර 05ක තරග තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 34 හැවිරිදි කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවෝන් තෝමස් හට වසර 05ක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ තරග මුදලට තරග පාවාදීම ට උත්සාහ කළ බවට එල්ලවූ චෝදනා සඳහා වැරදිකරු වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

2009 දී සිය ජාත්‍යන්තර මංගල තරගයට පිවිසි තෝමස් ටෙස්ට් 1ක්, එක්දින තරග 21ක් සහ T20I තරග 12 ක් ක්‍රීඩා කර ඇති අතර, ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය 2022 අගෝස්තු මාසයේදී සිදුවුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ICC සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් පැවසුවේ ක්‍රීඩකයින් සහ දූෂිතයින් ක්‍රීඩාව විනාශ කිරීමට උත්සාහ කරන විට දැඩි ලෙස ක්‍රියා කරන බවට ප්‍රබල පණිවිඩයක් මෙම තීරණය මගින් ලබාදෙන බවයි.

Share This