ජීවන වියදමට එරෙහි කාශ්මීරයේ විරෝධතා නිසා සිව් දෙනෙකු මරුට -100 දෙනෙකුට තුවාල-

ජීවන වියදමට එරෙහි කාශ්මීරයේ විරෝධතා නිසා සිව් දෙනෙකු මරුට -100 දෙනෙකුට තුවාල-

ජීවන වියදමට එරෙහිව පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ පැවති විරෝධතා අතරතුර දී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තිරිඟු පිටි මිල සහ බලශක්ති මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් අදාළ විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ අනුව කාශ්මීර බලධාරීන් සහ විරෝධතාකරුවන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ අතරතුර දී මෙම පුද්ගල මරණ වාර්තා වී තිබෙනවා.

ඒ අතර පොලිස් නිලධාරියෙකු ද වන බව සඳහන්.

මියගිය අයට ශෝකය පළ කිරීම සඳහා අද දිනය (14) “කළු දිනයක්” ලෙසයි විරෝධතාකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

කෙසේවෙතත් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 86ක සහනාධාරයක් ලබා දීමට එකඟතාව පළ කිරීමෙන් පසු විරෝධතාව අත්හිටුවීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබෙනවා.

Share This