ජස්ටින් ලැන්ගර්ට ඉන්දීය ක්‍රිකට්හි ප්‍රධාන තනතුරක්

ජස්ටින් ලැන්ගර්ට ඉන්දීය ක්‍රිකට්හි ප්‍රධාන තනතුරක්

ජස්ටින් ලැන්ගර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඔහු හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු වූ අතර ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව සඳහන්.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඔහුගෙන් පසුව ජස්ටින් ලැන්ගර් මෙම තනතුර ලබා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This