අයිස් සැකසුම් මධ්‍යස්ථානයක් යාපනයෙන් වටලයි
යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වටලා ඇති බව වාර්තා වනවා.
එහිදී සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි යාපනය පොලිසිය සඳහන් කරන්නේ.
යාපනය පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය සකස් කිරීම සදහා යොදා ගන්නා ලද ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ස්ථානය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අදාළ නිවසට මුද්‍රාතබා ඇති අතර කොළඹින් රසායන ද්‍රව්‍ය විශ්ලේෂකයින් කැදවා විශ්ලේෂණය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.