කොදෙව් කාන්තා කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට

කොදෙව් කාන්තා කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා ලබන ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට සහභාගී වීමට නියමිත බව සඳහන්.

කණ්ඩායම් දෙක අතර එක්දින තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේත්, විස්සයි විස්ස තරග හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේත් පැවැත්වීමට නියමිතයි.

Share This