හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි (VIDEO)
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් වූ ඒ මහතා සමගි ජන සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙන බව සඳහන්.