නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට

මුලතිව්, අම්බලන්පොක්කනේ සහ ත්‍රිකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශවලට ඔබ්බෙන් වූ මුහුදේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් නීතිවිරෝධී විදුලි ආලෝක ධාරා සහ දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙම සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 21 ත් 53 ත් අතර වයසේ පසුවන මුලතිව්, කුච්චවේලි සහ පොඩුවකට්ටු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

Share This