ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට සූදානමක් (VIDEO)
විදුලි බිල අඩුකිරීමේ සීමාවේ පවතින බවත්, එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (17) කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රීක්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බෞද්ධ සංවිධාන, ව්‍යාපාරිකයින් එක්ව සංවිධානය කර ඇති වෙසක් කලාප පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමින්
එමෙන්ම විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සාකච්ඡා සිදු කරන බවත් ඔහු සඳහන් කළා
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ විදුලි බිල අඩු කිරීමේ හැකියාව පවතින්නේ උමා ඔය විදුලිබලාගාරය ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසා බවයි