ජාතික රණවිරු සැමරුම් දිනය අදයි (VIDEO)
තිස් වසරක් පැවති යුද්ධයේ දී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ඇගයීම වෙනුවෙන් සිදු කෙරෙන 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, පාර්ලිමේන්තුව ක්‍රීඩාංගණය අසළ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දීයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ඊට රජයේ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහභාගී වනවා.
එමෙන්ම යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ද මේ සඳහා සහභාගී වීමට නියමිතයි.
මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීම හේතුවෙන් අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව අද සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබෙනු ඇති.
රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා පැමිණ දකුණට හැරී පාලම් තුන, පැලවත්ත, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකියි.
එමෙන්ම ඇතුල්කෝට්ටේ මාර්ගය ඔස්සේ පිටකෝට්ටේ හංදියෙන් වමට හැරී කිඹුලාවල තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකි වනවා.
පන්නිපිටිය දෙස සිට රාජගිරිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහනවලට තලවතුගොඩ, පැලවත්ත, පාලම්තුන හන්දිය, බත්තරමුල්ල, පොල්දූව හරහා රාජගිරිය දක්වා ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.
තලවතුගොඩ, කිඹුලාවල, පිටකෝට්ට හංදියෙන් ඇතුල්කොට්ට මාර්ගය ඔස්සේ රාජගිරිය දක්වා ගමන් කළ හැකි බවත් එම උත්සවය අවසන්වූ වහාම මාර්ගය විවෘත කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටියා.
එමෙන්ම රාජගිරිය දෙස සිට මාලඹේ දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන පොල්දූව හන්දිය, බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන හරහා මාලඹේ දක්වාද, මාලඹේ සිට රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන තලාහේන, කොස්වත්ත, බත්තරමුල්ල, පොල්දූව හංදිය හරහා රාජගිරිය දක්වාද සාමාන්‍ය පරිදි ගමන් කිරීමේ හැකියාව පවතිනවා.