ඉරාන ජනපති මිය ගිය බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි (PHOTO)

ඉරාන ජනපති මිය ගිය බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි (PHOTO)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මියගොස් ඇති බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් ඉරාන රජය විසින් ජනාධිපතිවරයාගේ මිය යාම සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටර් යානයේ ගමන් කළ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු සෙසු පිරිස ද මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇති ආකාරය දැක්වෙන ඩ්‍රෝන් දර්ශනයක් ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කර ඇති ආකාරය ද දක්නට ලැබුණා.

 

Share This